Tuesday, July 22, 2008

පැනයක්

මිනිස්සු හඳුනා ගන්නේ කොහොමද? ඇත්තටම ඇසුරු කරලා බලල ද? නැත්නම් කවුරු හරි දුන්න රෙකමදාරුවක් උඩද? එහෙමත් නැත්නම් ඇඳුමෙන් පැළඳුමෙන් ද?

මේ දකින දේවල් වල හැටියට නම් බහුතරයක් තවත් කෙනෙක් තේරුම් ගන්නේ වෙනත් කෙනෙකුගේ තීරණ උඩ ඉඳලා කියලයි මට හිතෙන්නේ. කෙනෙකුට නරකයි කියා හිතෙන දේ තවත් කෙනෙකුට හොඳ වෙන්න පුඵවන්, හොඳයි කියලා හිතෙන දේ නරක් වෙන්න පුඵවන් (මම මේ කියන්නේ මිනිස් තීරණ ගැන මිසක් සමාජයේ හොඳ නරක ගැන නොවෙයි).

ඇයි හැම දෙනාටම බැරි තවත් කෙනෙකු කියන දේ එකපාරටම පිලිගන්න‍නේ නැතුව තමන් විමසා බලා ඇත්ත සොයා ගන්න.

වෙලාවකට මටත් පිස්සු.

මෙත්

4 comments:

රාජිත උඩවල්‍‍පොල said...

වෙලාවකට? :-)

Rathna said...

මිනිසුන් හදුනා ගැනීම අසීරැ කරැණකි. විහේෂයෙන්ම ඔවුන්ගේ සිත් හදුනාගත නොහැකිය. මිතුරැ බවින් කතාකර සතුරැ කම් කරන අය අද සුලභබව දක්නට ලැබේ.ප්‍රශ්නය ඔවුන් හදුනා ගැනීමට පිළිවෙතක් නොමැතිවීමයි.

Anonymous said...

බොහෝ විට හරිම දරුණු (ගොඩක් නෙමෙයි ටිකක් විතර)ප්‍රශ්නයක් තමා ඔය මිනිසුන් හඳුනා ගැනීම. ඒ නිසා මම නං දැං හඳුනා නොගෙන ඉන්න උත්සාහකරනවා. :)

ප්‍රතිචාර දක්වන පලමු වතාව. ඔබට ජය.

fossurgeon said...

තමා පිස්සකු බව දන්නා කෙනා පිස්සෙක් නොවන්නේය. අනුන් පිස්සෝ කරන්නේය!