Friday, August 21, 2009

විශිෂ්ඨ රංග කාර්යයක්....


සිංහළ වේදිකා නාට්‍යයක් නරඹන්න අවස්ථාවක් ලැබුණා ලංකාවෙන් පිටතදී, මෙල්බන් නගරයේදී..එකක් නම් කමක් නෑ දෙකක් ම. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ගේ 'රත්තරන්' සහ 'එලොව ගිහින් මෙලොව ආවා', ‍යශෝධරා සහ කුසුම්සිරි ගේ රංග කාර්යයක්. නළු නිළි කැළ මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන්. හරිම සුන්දර අත්දැකීමක්. ‍යශෝධරා සහ කුසුම්සිරි කියන්නේ කාලයක් මනමේ කුමාරයා සහ කුමාරිය ලෙස රංගනයෙන් දායක වුනු සහ ඉමහත් අත්දැකීම් ඇති නළු නළී දෙපලක්. ලාංකික දූ දරැවන් වෙනුවෙන් ලමා නාට්‍ය සහ නර්තන වැඩමුළු පවත්වාගෙන යමින් ගෙන යන කාර්යය නම් අනගිභවනීයයි.

වැඩිදුර විස්තර තියෙනවා www.ranganikethanaya.org තුල.

මෙත්.

Monday, July 27, 2009

ආපසු

ආයෙත් ලියන්න අවස්ථාවක් ලැබුණා බොහෝම කාලයකට පස්සේ. හරිම සන්තෝෂයි.

මෙත්

Monday, July 28, 2008

ටික දවසකට

වසර එකහමාරකට පස්සේ ලංකාවට යන්න ලැබුණා. ඒක මොන තරම් හිතට සන්තෝෂයක් ද කියලා දැනෙන්නේ යන දවස කිට්ටුවෙන්න කිට්ටුවෙන්න. කොහෙ හිටියත් උපන් රටට මොන තරම් සමීපද?

මෙත්

Tuesday, July 22, 2008

පැනයක්

මිනිස්සු හඳුනා ගන්නේ කොහොමද? ඇත්තටම ඇසුරු කරලා බලල ද? නැත්නම් කවුරු හරි දුන්න රෙකමදාරුවක් උඩද? එහෙමත් නැත්නම් ඇඳුමෙන් පැළඳුමෙන් ද?

මේ දකින දේවල් වල හැටියට නම් බහුතරයක් තවත් කෙනෙක් තේරුම් ගන්නේ වෙනත් කෙනෙකුගේ තීරණ උඩ ඉඳලා කියලයි මට හිතෙන්නේ. කෙනෙකුට නරකයි කියා හිතෙන දේ තවත් කෙනෙකුට හොඳ වෙන්න පුඵවන්, හොඳයි කියලා හිතෙන දේ නරක් වෙන්න පුඵවන් (මම මේ කියන්නේ මිනිස් තීරණ ගැන මිසක් සමාජයේ හොඳ නරක ගැන නොවෙයි).

ඇයි හැම දෙනාටම බැරි තවත් කෙනෙකු කියන දේ එකපාරටම පිලිගන්න‍නේ නැතුව තමන් විමසා බලා ඇත්ත සොයා ගන්න.

වෙලාවකට මටත් පිස්සු.

මෙත්

Monday, July 21, 2008

දහනම වන ශත වර්ෂයේ ලංකාව

එක්දහස් අටසිය අනූ ගණන් වල ඡායාරූප කිහිපයක් හමුවුනා අහම්බෙන් වගේ පරිගණකය තුල තිබී.

ලේවැල්ල පාරු පාළම














හපුතලේ දුම්රිය මාර්ගය














මහනුවර වැව

Wednesday, June 11, 2008

සිංහලේ වටිනාකම

සිංහල කියන එනේ වටිනාකම දැනෙන්නේ පිටරටක ජීවත් වෙන්න ගිය වෙලාවට තමයි. ඇත්තටම සමහර වෙලාවල් තිබුනා නිකන්ම ඇහැට කදුලක් ආපු. හේතු කිහිපයක් නිසා. පළවෙනි දේ තමයි අපේ ජාතිකත්වය නැතිවෙලා යන එක දරා ගෙන ඉන්න බැරි එක. තවත් කාරණයක් වුණේ අපේම මිනිස්සු තමන්ගේම දේ නොසලකා හැරීම.

මම උදාහරණයක් දෙන්නම්, මට මුණගැහුනා පුද්ගලයෙක් බොහොම ඉහල තනතුරක් දරන සෑම ලාංකික වැඩකම මුල් පුටුව දරන. කතාබහෙන් නම් බොහොම තැන්පත්. ඔහුගේ හැම වදනකම ගැබ් වෙලා තිබුනේ සිංහළ. ඉතින් අපට හරි ආඩම්බරයක් දැනුනා කියන එක බොරුවක් නොවෙයි. මොකද මොහු මැදිහත් වෙලා කරන දහම් පාසල සිංහළ ඉගැන්වීමට මුල් තැනක් දීලා තිබුණ එක අපි කවුරුත් අගේ කලදෙයක්‍.

මේ සිද්ධිය වුනේ ඊට ටික කලකට පස්සේ. හදිස්සියේම මේ පුද්ගලයා රට හැර ගියා‍. ඊට පස්සේ තමයි ටික ‍ටික විස්තර එලියට ආවේ‍. සිංහළ ජාතිය උලුප්පා පෙන්නපු, තමන් උපන් රටෙන් ඈත දූ දරුවන්ට මව් භාෂාව කියා දුන්නු මේ පුද්ගලයාගේ දරුවන් ට එකම එක සිංහළ අකුරක් බෑ‍. කතා කරන්නවත් ලියන්නවත්‍‍. මේ තාත්තා ඒ කිසි දෙයක් තම දරුවන්ට කියා දී නෑ.

දැන් තමයි හෙඳම හරිය. මේ මනුස්සයා රට හැර යන්න කලින් ආයතන වලින් උපරිමයෙන් ම ණය අරන්, තමන්ගේ මිතුරන්ගෙන් ණය ට මුදල් අරන්. කතා කරන භාෂාවෙන් කිව්වොත් රට වටේටම පොළු තියලා. ඒ මදිවට යාළු මිතුරන්ගේ නම් ගම් ඇප කරුවන් විදියට කියලා.

මේ වැ‍ඩේ අවසානය වුනේ බැංකු සහ මූල්‍ය ආයතන ළාංකිකයන් ගැන තිබු විශ්වාසය ට පළුද්දක් එකතු වීම.

තමන්ගේ සුඛ විහරණය සඳහා ජාතිය පාවා දෙන්නේ මේ වගේ ලෝකෙට පින් පාට පෙන්වන අය තමයි.

මේ කථාව සම්පූර්ණ වෙන්නේ නෑ මේ ටිකත් නොකිව්වොත්, කිහිප දෙනෙක් මේ වාගේ වැඩ කලාට බහුතරයක් තවම නියම ළාංකික ගතිය පානවා මුළු හදවතින්ම.

මෙත් !

ජය ජය වේ මෑණි.... අප සිරිලක් මෑණි..