Thursday, June 12, 2008
Wednesday, June 11, 2008
සිංහලේ වටිනාකම
සිංහල කියන එනේ වටිනාකම දැනෙන්නේ පිටරටක ජීවත් වෙන්න ගිය වෙලාවට තමයි. ඇත්තටම සමහර වෙලාවල් තිබුනා නිකන්ම ඇහැට කදුලක් ආපු. හේතු කිහිපයක් නිසා. පළවෙනි දේ තමයි අපේ ජාතිකත්වය නැතිවෙලා යන එක දරා ගෙන ඉන්න බැරි එක. තවත් කාරණයක් වුණේ අපේම මිනිස්සු තමන්ගේම දේ නොසලකා හැරීම.
මම උදාහරණයක් දෙන්නම්, මට මුණගැහුනා පුද්ගලයෙක් බොහොම ඉහල තනතුරක් දරන සෑම ලාංකික වැඩකම මුල් පුටුව දරන. කතාබහෙන් නම් බොහොම තැන්පත්. ඔහුගේ හැම වදනකම ගැබ් වෙලා තිබුනේ සිංහළ. ඉතින් අපට හරි ආඩම්බරයක් දැනුනා කියන එක බොරුවක් නොවෙයි. මොකද මොහු මැදිහත් වෙලා කරන දහම් පාසල සිංහළ ඉගැන්වීමට මුල් තැනක් දීලා තිබුණ එක අපි කවුරුත් අගේ කලදෙයක්.
මේ සිද්ධිය වුනේ ඊට ටික කලකට පස්සේ. හදිස්සියේම මේ පුද්ගලයා රට හැර ගියා. ඊට පස්සේ තමයි ටික ටික විස්තර එලියට ආවේ. සිංහළ ජාතිය උලුප්පා පෙන්නපු, තමන් උපන් රටෙන් ඈත දූ දරුවන්ට මව් භාෂාව කියා දුන්නු මේ පුද්ගලයාගේ දරුවන් ට එකම එක සිංහළ අකුරක් බෑ. කතා කරන්නවත් ලියන්නවත්. මේ තාත්තා ඒ කිසි දෙයක් තම දරුවන්ට කියා දී නෑ.
දැන් තමයි හෙඳම හරිය. මේ මනුස්සයා රට හැර යන්න කලින් ආයතන වලින් උපරිමයෙන් ම ණය අරන්, තමන්ගේ මිතුරන්ගෙන් ණය ට මුදල් අරන්. කතා කරන භාෂාවෙන් කිව්වොත් රට වටේටම පොළු තියලා. ඒ මදිවට යාළු මිතුරන්ගේ නම් ගම් ඇප කරුවන් විදියට කියලා.
මේ වැඩේ අවසානය වුනේ බැංකු සහ මූල්‍ය ආයතන ළාංකිකයන් ගැන තිබු විශ්වාසය ට පළුද්දක් එකතු වීම.
තමන්ගේ සුඛ විහරණය සඳහා ජාතිය පාවා දෙන්නේ මේ වගේ ලෝකෙට පින් පාට පෙන්වන අය තමයි.
මේ කථාව සම්පූර්ණ වෙන්නේ නෑ මේ ටිකත් නොකිව්වොත්, කිහිප දෙනෙක් මේ වාගේ වැඩ කලාට බහුතරයක් තවම නියම ළාංකික ගතිය පානවා මුළු හදවතින්ම.
මෙත් !
ජය ජය වේ මෑණි.... අප සිරිලක් මෑණි..

මාගේ පළමු සටහන
මගේ පළමු බ්ලොග් සටහන - සිංහල යුනිකේත භාවිතයෙන්.
මම එතරම් දක්ෂයෙකු නම් නෙවෙයි, නමුත් හැකි පරිදි සටහන් තබමි.

Subscribe to:
Posts (Atom)